ඉන්ධන තොගයක් රැගත් නෞකාවක් අද දිවයිනට..

විදුලිය නිෂ්පාදනයට ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් අද දිවයිනට...

by Staff Writer . 13-04-2026 | 8:26 AM

COLOMBO (News 1st) - විදුලිය සඳහා අද දිනයේ ෆර්නස් ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණිමට නියමිත බව, ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ.රාජකරුණා පැවසුවේ, එම ඉන්ධන තොගය දිවයිනට පැමිණීමත් සමග විදුලිය කප්පාදුවකින් තොරව ඉදිරියට යාමට හැකි බවයි.