මහජන උපයෝගීතා කොමිසමෙන් දැනුම්දීමක්..

ගල් අඟුරු ගැටලුව හමුවේ දැරීමට සිදුවන අතිරේක පිරිවැය විදුලි ගාස්තු සංශෝධනවලදී අය නොකිරීමේ තීරණයක්..

by Staff writer 12-04-2026 | 12:17 PM

COLOMBO (News 1st) - විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයින්ගෙන් අය නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී සලකා බලනුයේ විදුලි ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සදහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බවයි.

පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බවත් එම කොමිසම පැවසුවේ ය.