COLOMBO(News1st) - අලුත් අවුරුදු සමයේ රථ වාහන නීතිය උල්ලංඝණය කරන රියදුරන්ට එරෙහිව අද(11) සිට නීතිය දැඩි ක්‍රියාත්මක කරන බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර පවසයි.
ඔහු ඒ බව පැවසුවේ, නිව්ස්ෆස්ට්හි සමග සාකච්ඡාවට එක්වෙමින්.
රථවාහන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වීඩියෝ කර පොලීසිය වෙත ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වට්සප් අංකයක් හඳුන්වාදී ඇතැයිද ඔහු පැවසුවා.
070 4755600 එම අංකයයි.