.webp)
-614094.jpg)
නුවන් තුෂාර එම පැමිණිල්ල ගොනු කළේ, 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට හැකිවන පරිදි තමන්ට අවසර ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්යය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීම් කරමිනි.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර පසුගිය 2 වැනිදා කොළඹ දිසා අධිකරණය හමුවේ එම නඩු කරය ගොනු කළේ ය.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා යන අය වග උත්තරකරුවන් කරමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග තිබූ ගිවිසුම මෙම වසරේ මාර්තු මාසයේ අවසන් වී ඇති බවත්, ඉදිරියට තමා ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ඇතුළත් වීමට බලාපොරොත්තු නොවන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බවත්, එහි සඳහන් විය.
2026 IPL ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා "විරෝධතාවයක් නොමැති බවට'' සහතික කරමින් ලිපියක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළද, එම ආයතනය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට පැමිණිලිකරු චෝදනා කළේ ය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් පැමිණිලිකාර නුවන් තුෂාර වෙනුවෙන් පෙනී සිටි අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ උපුල් කුමරප්පෙරුමයි.
කරුණු සලකා බැලූ දිසා අධිකරණ විනිසුරුවරිය විරෝධතා ගොනු කිරීම සඳහා පැමිණිල්ල අප්‍රේල් මස 23 වැනිදා කැඳවීමට දින නියම කළේ ය.
