ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක්..

ධීවරයින් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

by Staff writer 07-04-2026 | 3:28 PM

COLOMBO(News1st) - ධීවරයින් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කුඩා යාත්‍රාවකට ලීටරයකට රුපියල් 50 බැගින් දෛනිකව ලීටර් 25 ක් ලබාදීමට නියමිතයි.

මාසයකට දින 25 ක් සඳහා කුඩා ධීවර යාත්‍රාවකට අදාළ සහනාධාරය හිමිවන බව ධීවර අමාත්‍යාංශය පවසයි.

බහුදින ධීවර යාත්‍රාවකට එක් ගමන් වාරයක් සඳහා හිමිවන ඉන්ධන සහනාධාරය රුපියල් එක් ලක්ෂ පනස් දහසක්.

ලබන 20 වැනිදා සිට නව ඉන්ධන සහනාධාර ක්‍රමවේදය ක්‍රියාත්මක බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේ ය.