.webp)
-613952.jpg)
චීනයේ හුනාන් ප්‍රාන්තයේ ෂුෂෝ (Zhuzhou) ගුවන් තොටුපොළේදී පසුගිය අප්‍රේල් 04 වැනිදා සිදු කළ මෙම අත්හදා බැලීමේදී, Aero Engine Corporation of China (AECC) ආයතනය විසින් නිපදවන ලද AEP100 වර්ගයේ ටර්බොප්රොප් එන්ජිම සාර්ථකව ක්‍රියාත්මක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පියාසර කාලය: විනාඩි 16ක්
ගමන් කළ දුර: කිලෝමීටර් 36ක්
වේගය: පැයට කිලෝමීටර් 220ක උපරිම වේගයක්
උස: මීටර් 300ක උසකින් යානය පියාසර කර ඇත
යානයේ බර: ටොන් 7.5ක්
කාබන් විමෝචනයෙන් තොර හරිත ගුවන් ගමන් (Green Aviation) ක්ෂේත්රයේ දැවැන්ත පිම්මක් ලෙස සැලකෙන මෙම තාක්ෂණය, ඉදිරියේදී නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම මගී ප්‍රවාහන ගුවන් යානා සඳහා ද යොදා ගැනීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
