අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට සහනයක්

අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක්

by Staff writer 07-04-2026 | 7:33 AM

COLOMBO(News1st) - අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අනිද්දා(09) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ විශේෂ බස් රථ යොදවන බවයි.

ලංගම බස් රථ පමණක් 1500ක් යොදවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අනිද්දා(09) සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර කොළඹ මහනුවර මාර්ගයේ ජනතාවගේ පහසුව සඳහා කුරූණෑගල අධිවේගි මාර්ගය හරහා මහනුවර ගමන් කිරීමට වායු සමනය කරන ලද අමතර විශේෂ බස් රථ යෙදවීමට පියවර ගෙන තිබේ.