.webp)
-613620.jpg)
ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක්, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී ය.
ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, විධිමත් ලෙස ආදායම් කළමනාකරණය සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීමෙන්, මෙරට ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් බවට පත්ව ඇතැයි එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ය.
ළඟා කර ගත් ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා කර තිබේ.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට එල්ල වී ඇති බාහිර අභියෝගය හමුවේ ඉන්ධන මිල සහ බලශක්ති සැපයුම කෙරෙහි සිදුව ඇති බලපෑම කළමනාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ඒ, ජනතාවට ඇති වන දුෂ්කරතා සහ බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කරමින් ය.
බාහිර අභියෝග මධ්‍යයේ වුවද, ළඟා කරගත් ආර්ථික වර්ධනය පවත්වා ගනිමින් මෙරට ජන ජීවිතය සහ ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ප්‍රසාදයට ලක්විය.
විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වැනි සහ සයවැනි සමාලෝචනයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙන්ම, මෑතකාලීන ආර්ථික වර්ධනයන් සහ දැනට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස ජනාධිපතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගත්තේ ය.
