.webp)

පොලීසිය පැවසුවේ, මීගමුවේ පිහිටි ලැඟුම්හලක් වටලා, අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කරමින් ව්‍යාපාර සිදුකල චීන ජාතිකයින් 16 දෙනෙකු සහ කාම්බෝජ ජාතිකයින් දෙදෙනෙකු පරිගණක උපාංග සමඟ එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
