.webp)

පොලීසිය පැවසුවේ, මහියංගනය ප්රදේශයේ පදිංචි 57, 44 යන වයස්වල පසුවන යුවලක් අනතුරින් මියගොස් ඇති බවයි.
කැබ් රථයේ පුද්ගලයින් 13 දෙනෙකු ගමන් ගෙන තිබෙන අතර පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ ගමන් ගත් 7 දෙනෙකු හා ට්රැක්ටර් රථයේ රියදුරු ප්රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුලත් කර ඇති බවයි.
