IMF සමග සාකච්ඡා අද (26) සිට

IMF සමග සාකච්ඡා අද (26) සිට

by Staff writer 26-03-2026 | 9:05 AM

COLOMBO(News1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මහ බැංකු නිලධාරීන් අතර සාකච්ඡා අද (26) ආරම්භ වේ.

ඒ, මෙරටට ලබා දීමට නියමිත මීළඟ ණය වාරිකය සම්බන්ධවයි.
 

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසුවේ, අදියර කිහිපයක් යටතේ එම සාකච්ඡා පැවැත්වෙන බවයි. 
ඒ අනුව, අද (26) සිට ලබන මස 09 වැනිදා දක්වා එම සාකච්ඡා පැවැත්වෙනු ඇත. 

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය වාරික සංඛ්‍යාව 05කි. මෙරට ආර්ථික කාර්ය සාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව රජය ගෙන ඇති පියවර පිළිබඳව එහිදී පුළුල් ලෙස සමාලෝචනය කිරීමට නියමිතයි. මෙම සාකච්ඡාවලින් අනතුරුව 06 වැනි ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් අවශ්‍ය එකඟතාවලට එළඹීමට නියමිත බව ද සඳහන් වේ.