සුරේෂ් සලේ ලබන 22 අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

සුරේෂ් සලේ ලබන 22 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි, CIDයට නියෝග

by Staff writer 26-03-2026 | 6:06 PM

COLOMBO (News 1st) - පාස්කු ප්‍රහාරයට සැකපිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේශ් සලෛයි ලබන මස  22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

අපක්ෂපාති විමර්ශන සිදු කිරීම වෙනුවෙන් අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනත් විමර්ශන කණ්ඩායමකට යොමු කර ලෙස සුරේශ් සලෛයි වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසිත් සිරිවර්ධන කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ශේප කළේ ය.