පිරිපහදු කළ ඉන්ධන මෙරටට ලබාදීමට රුසියාව එකඟ වෙයි

පිරිපහදු කළ ඉන්ධන මෙරටට ලබාදීමට රුසියාව එකඟ වෙයි

by Staff writer 26-03-2026 | 9:41 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට රුසියාව එකඟ වී ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන වහාම ලබා දීමට සූදානම් බව අද පැවති සාකච්ඡාවලදී රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන් බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ ය.

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මර්ෂවින් සහ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත අතර හමුවක් ද අද පැවැත්වුණා.

එහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා විමසා බැලීම සහ තාක්ෂණික සහය වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.