හානි වූ මාර්ග හා පාලම් ප්‍රතිසංස්කරණය ඇරඹේ!

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග හා පාලම් ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ!

by Staff writer 25-03-2026 | 9:02 AM

COLOMBO(News1st) - 'දිට්වා' සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ පාලම් ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (25) ආරම්භ කෙරේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ, මේ යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හානියට පත් මාර්ග 82කට ආසන්න සංඛ්‍යාවක් ස්ථිර ලෙස ප්‍රතිසංස්කරණය කරන බවයි. 
 

නුවරඑළිය, ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් අද (25) ආරම්භ වන පළමු අදියරේදී ස්ථාන 45ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ඇත. 

සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල හානියට පත් මාර්ග සහ පාලම් ද එම අදියරට ඇතුළත් වේ. 

වසර දෙකක් ඇතුළත හානියට පත් සියලු මාර්ග පෙර පැවති තත්ත්වයට වඩා උසස් අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

සමස්ත ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 177කට අධික බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.