.webp)
-611626.jpg)
එම වැඩපිළිවෙළ පසුගිය වසරේ නොවැම්බර් 21 දින සිට බලාත්මකයි.
ආපදා සහන සේවාවල නියුතු නිලධාරීන්ට ඔවුන්ගේ සේවා මට්ටම් අනුව, රුපියල් 2500, 2000, 1600, 1400, සහ රුපියල් 800ක් වශයෙන් දීමනා හිමිවනු ඇති.
ආපදාවට ලක් වූ ප්‍රදේශවල සෘජුව රාජකාරි කරන ග්‍රාම නිලධාරීන්ට දිනකට රු. 1,500ක දීමනාවක් හිමි වේ.
ආපදාවට ලක් නොවූ ප්‍රදේශවල සිට සහන සේවා සඳහා පැමිණෙන ග්‍රාම නිලධාරීන්ට දිනකට රු. 1,000ක් හිමියි.
මෙම දීමනාව හිමිවන්නේ දිනකට පැය ෙකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව සේවය කරන නිලධාරීන්ට පමණයි..
මෙම විශේෂ දීමනාව ලබා ගන්නා කාලය සඳහා අතිකාල දීමනා හෝ නිවාඩු දින වැටුප් හිමිකම් නොලැබෙන බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.
රජය මගින් ආහාර හෝ නවාතැන් පහසුකම් සපයන්නේ නම්, දීමනාවෙන් කොටසක් ඒ සඳහා කපා හැරීමට නියමිතයි.
දේපළ හානි නිරීක්ෂණය සඳහා රුපියල් 10ක විශේෂ දීමනාවක් ලබන නිලධාරීන්ට මෙම විශේෂ දෛනික දීමනාව හිමි නොවේ.
කිසිදු අයුරකින් එකම සේවය සඳහා දෙවරක් ගෙවීම් සිදු නොවිය යුතු අතර, ඒ පිළිබඳව මූල්‍ය නිලධාරීන් සහ අංශ ප්‍රධානීන් වගකීම දැරිය යුතු බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන්.
සියලුම ගෙවීම් අදාළ දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු වේ.
සහන සේවා සඳහා යොදවා ගත් නිලධාරීන්ගේ නාමලේඛන, සේවා කාලය සහ ඉටුකළ රාජකාරි පිළිබඳ නිසි වාර්තා පවත්වාගෙන යාම අනිවාර්යයි.
මෙම ගෙවීම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ අදාළ අමාත්‍යාංශය මගින් වෙන් කරවා ගත යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
මෙමඟින් ආපදා අවස්ථාවකදී රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම අපේක්ෂා කරන බවද එහි සඳහන්.
ආපදා සහන සේවාවලට සම්බන්ධවූ ග්‍රාම නිළධාරින් ඇතුළු රාජ්‍ය නිළධාරින් දීමනා කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලමින් සුගියදා වැඩ වර්ජනයකද නිරත විය.
