.webp)

COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි අනුප්‍රාප්තික සමාගම් හයකට පැවරීමේ විධිවිධාන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින්.
එම ගැසට් නිවේදනය අනුව ලබන 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි විදුලිබල මණ්ඩලය අවසන් වනු ඇත.
ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයකට පැවරීම සඳහා ෙවිධිවිධාන සලසා ඇත.
ඒ අනුව, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු 9 වන දින සිට බලාත්මක වේ.
එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇත.
