.webp)
-610982.jpg)
COLOMBO (News 1st) - මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.
විභාගය සඳහා පෙනී සිටින සිසුන් කළහකාරී සිදුවීම් වලට නැඹුරුවීමේ ප්‍රවණතාවක් පසුගිය වසරවලට සාපේක්ෂව නිරීක්ෂණය වන බව පොලීසිය පැවසුවේ ය.
තම දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස පොලීසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
පොලීසිය සිසුන්ටද දැණුම් දෙන්නේ මෙවැනි කළහකාරී ක්‍රියා වලට යොමු නොවන ලෙසය.
මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීම සඳහා ආරක්ෂක පියවර ගැනීමට සැලසුම් කර ඇති බවත් පොලීසිය පවසන ලදි.
