.webp)
-610988.jpg)
COLOMBO (News 1st) - අමාත්‍ය විජිත හේරත් අද (26) ජර්මනියේ සංචාරයක් සඳහා පිටත්ව යන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
ඒ ජර්මානු - ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ ජර්මනියේ බ්‍රෙමන් ශාඛාව කළ නිල ආරාධනාවකට අනුවය.
එම සංගමයේ 125 වැනි සංවත්සර උත්සවයේදී අමාත්‍ය විජිත හේරත් සභාව ඇමතිමටද නියමිත වේ.
ඒ ආසියානු කලාපය නියොජිනය කරමිනි.
වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකද අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.
මෙය ජර්මානු-ආසියානු ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන විශාලතම ජර්මානු සංගමය වන අතර, ආසියා පැසිෆික් කලාපයේ ජර්මානු ව්‍යාපාරික නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කරන ප්‍රමුඛ වේදිකාවක් ද වනවා.
සංචාරයේදී අමාත්‍යවරයා, ජර්මනියේ විදේශ අමාත්‍ය ආචාර්ය ජොහාන් වාඩෙෆුල් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
