.webp)
-610926.jpg)
COLOMBO (News 1st) - චීන සංචාරය අරඹමින් ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස් බීජිං නුවරට ගොස් තිබේ.
ඔහු එරට සංචාරයකට එක්ව ඇත්තේ චාන්සලර් ධුරයට පත් වීමෙන් අනතුරුව පළමු වරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.
2025 වසරේදී චීනය ජර්මනියේ විශාලතම වෙළඳ හවුල්කරු බවට පත් වුවද, දෙරට අතර වෙළඳාමේ විශාල පරතරයක් පවතින බව සඳහන්.
යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට බලපෑම් කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටීමටද චීනයේ සාකච්ඡා අතරතුර චාන්සලර්වරයා බලාපොරොත්තු වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
