විදුලි සැර වැදීමෙන් දෙදෙනෙකු මරුට

විදුලි සැර වැදීමෙන් 16 හැවිරිදි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මියයයි.

by Staff writer 11-01-2026 | 8:59 AM

COLOMBO(News1st) - විදුලි සැර වැදීමෙන් 16 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, කුච්චවේලි ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 16 හැවිරිදි දරුවා මියගොස් ඇති බවයි.

අනවසරයෙන් ඉදිකර ඇති විදුලි රැහැනකට හසුවූ එළුවෙකු මුදා ගැනීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව තිබේ.

මේ අතර රස්නායකපුර ප්‍රදේශයේදී ද විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ 75 හැවිරිදි ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි.

වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කිරීම සදහා ඉදි කර තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.