මෝදරදි ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ තැතක් වරදි....

මෝදරදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි බව කියන වෙඩික්කරු සහ යතුරුපැදිකරු මෝදරදී පොලිස් අත්අඩංගුවට. - පොලීසිය

by Staff writer 10-01-2026 | 5:05 PM

COLOMBO (News 1st) - මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීම සඳහා සැලසුම් කල දෙදෙනෙකු හා ඔවුන් ගමන්ගත් යතුරු පැදිය පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ , ලද තොරතුරක් මත මෝදර ප්‍රදේශයේ කල පරික්ෂාවකදියි.

චාලි නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන ව්‍යාපාරිකයාට වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් සතුව තිබු රිවෝල්වරය සහ උණ්ඩ 6 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරු 35 හැවිදිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු යුධ හමුදාවේ සේවය කර පලා ගිය අයෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.