වත්තලදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් 2නෙක් මරුට

වත්තලදී, යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව අසළ තිබූ වෙළෙඳසැලක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි..

by Staff writer 27-12-2025 | 9:33 AM

COLOMBO (News 1st) - වත්තල පොලිස් වසමේ හැඳල ඇලකන්ද මාර්ගයේ හැඳල හන්දිය අසලදී ඇලකන්ද දෙස සිට හැඳල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් තිබේ.

මරණකරුවන් වයස අවුරුදු 21 හා 25 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෘත ශරීර රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.