.webp)
-606974.jpg)
COLOMBO (News 1st) - තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාම ගිවිසුමකට එකඟ වී තිබේ.
ප්‍රකාශයක් නිකුත් කරමින් තායිලන්ත හා කාම්බෝජ ආරක්ෂක අමාත්‍යවරුන් ඒ බව සඳහන් කරන ලදි.
දෙරට අතර පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අවතැන් වී ඇති සංඛ්‍යාව ලක්ෂ පහකට අධිකය.
අමෙරිකාවේ සහ මලයාසියාවේ මැදිහත්වීමෙන් දෙපාර්ශවය සටන් විරාමයකට එකඟ වී මාස 5කට පසුව එම ගැටුම් නැවත ආරම්භ වුණේ පසුගිය 8 වැනිදාය.
ඉන් අනතුරුව දෙරටේ දේශසීමාවේ කිලෝමීටර් 817 ක පමණ කොටසක ගැටුම් සිදුවෙමින් පැවතුණි.
