ගම් බලා ගිය ජනතාවට යළි එන්න විශේෂ ප්‍රවාහන සේවා

ගම්බිම් බලා ගිය ජනතාවට, කොළඹට එන්න හෙට (28) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් - ලංකා ගමනාගමන මණ්ඩලය

by Staff writer 27-12-2025 | 12:40 PM

COLOMBO (News 1st) - ගම්බිම් බලා ගිය ජනතාවට, කොළඹට පැමිණීම සඳහා හෙට (28) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි සංඛ වීරසුරිය සඳහන් කළේ පළාත් කිහිපයක සිට ඒ සඳහා බස් රථ සූදානම් කර ඇති බවය.

මේ අතර කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා අමතර ගමන් වාර සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරන ලදි.

මේ අතර කොළඹ කොටුව - කන්කසන්තුරෙයි  නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හෙට දිනයේ ධාවනයට සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මාතර දුම්රිය ස්ථානයෙන් අනිද්දා (30) අළුයම 5ට  කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතය.