.webp)

මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණේ ජනාකීර්ණ බොන්ඩායි වෙරළ තීරය තුළයි.
කළු ඇඳුමින් සැරසුණු පුද්ගයින් බොන්ඩයි වෙරළ දෙසට යන කුඩා පාලමක සිට තුවක්කුකරුවන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට විය.
මෙම පාලම බොන්ඩයි පාර්ක් ක්‍රීඩා පිටියේ සිට මීටර් 50 ක් දුරින් පිහිටා තිබේ.
පොලීසිය පවසන්නේ අවම වශයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු මෙම ප්‍රහාරයට පැමිණ ඇති බවයිි.
මේ භයානක සිදුවීම අතර වෙඩික්කරුවෙක් සමග එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් පොර බදා ඔහු සතුව තිබූ ගිනි අවිය උදුරා ගන්නා ආකාරය සටහන් දර්ශනයක්ද මේවනවිට ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
මෙම නිර්භීත පුද්ගලයා ගසක් පිටුපස සැඟවී සිට එක්වරම වෙඩිතක්කරු වෙත කඩා පැන ඔහුගේ තුවක්කුව උදුා ගන්නා අතර පසුව ඔහු කුවක්කුව වෙඩික්කරු වෙත එල්ල කරන ආකාරය දැක්වෙයි.
එම ස්ථානයේ සිටි පිරිස් පවසන්නේ වෙරළ තීරයේ වෙඩි හඬ 50ක් පමණ ඇසුණු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිව්සවුත්වේල්ස් පොලිසිය පවසන්නේ වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බවයි. මියගිය පුද්ගලයින් අතර තවත් එක් වෙඩික්කරුවෙකු වෙයි.
පොලීසිය එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේ බොන්ඩයි වෙරළ තීරය ආශ්‍රිතව අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර එම ප්‍රදේශයට යාමෙන් වැළකී සිටින ලෙසයි.
