දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි

by Staff writer 14-12-2025 | 12:55 PM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 1 න් පමණ පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

උතුර, උතුරු මැද සහ වයඹ පළාත් වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක වල සුළං වේගය පැයට කිලෝමීටර 30 - 40 ත් පමණ දක්වා ඉහළ යා හැකියි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.