බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීම..

ජීවිත 02ක් බිලිගත් අමෙරිකා බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීම..

by Staff writer 14-12-2025 | 10:16 PM

COLOMBO (News 1st) - අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙම වෙඩි තැබීම සිදු වුණේ, අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රොවිඩන්ස් නගරයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලය තුළයි.

සිද්ධියෙන් වාර්තාවූ පුද්ගල මරණ දෙකකට අමතරව තවත් පුද්ගලයින් 8 දෙනෙකුද තුවාල ලැබුවේ ය.

එරට පොලීසිය ඉල්ලා සිටියේ, වෙඩි තැබීමෙන් වෙඩික්කරු පසු පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්‍රිත ජනතාවට ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසයි.

කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කර ඇද්ද යන්න සම්බන්ධවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

වසර 8කට අධික කාලයක් බ්‍රවුන් විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකික ජනතාවට සේවය සැළසීමට ගම්මැද්ද සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරයි.

පසුගිය කාලය පුරා සරසවි විද්‍යාර්ථීන් රැසක් ඇමරිකාවේ සිට මෙරටට පැමිණ ගම්මැද්ද සමඟ එක්ව විවිධ අධ්‍යයන - මෙන්ම සහන සේවා සඳහා ද එක්විය.

මේ සංවේදී අවස්ථාවේ බ්‍රවුන් විශ්වවිද්‍යාල ප්‍රජාවට ගම්මැද්ද වෙනුවෙන් සංවේගය පළ කරයි.