නෞකාවකින් බොරතෙල් ගොඩබාන නල මාර්ගයක කාන්දුවක්

කොළඹ වරායේ පළමු බෝයාව හරහා ඉන්ධන ගොඩබාන නල මාර්ගයක කාන්දුවක්. එම නලයෙන් ඉන්ධන ගොඩබෑම තාවකාලිකව නතර කර ඇති අතර කාන්දුව පිළිසකර කිරීම ඇරඹේ. - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

by Staff writer 14-12-2025 | 12:17 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ පළමු බෝයාව හරහා, ඉන්ධන ප්‍රවාහන නෞකාවකින් බොරතෙල් ගොඩබාන නල මාර්ගයක කාන්දුවක් සිදුව තිබේ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ, මේ වනවිට ඒ හරහා ඉන්ධන ගොඩබෑම තාවකාලිකව නතර කර ඇති බවයි.

නල මාර්ගයේ කාන්දුව පිළිසකර කිරීම ආරම්භ කර ඇතැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මුහුදු ජලයට මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කිරීමට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ, සමාරක්ෂා නෞකාව යොදා ගනිමින් ය.

ඊට අමතරව නාවික හමුදාවේ සහය ද, ඒ සදහා හිමිව තිබේ.

මුහුදට කාන්දු වූ බොරතෙල් සාම්පල පරික්ෂාව සඳහා යොමුකර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.