අමෙරිකාවේ බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

by Staff writer 14-12-2025 | 10:08 AM

COLOMBO (News 1st) - අමෙරිකාවේ බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්, අට දෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම සිදුව ඇත්තේ, ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ පිහිටි ගොඩනැගිල්ල තුළයි.

එහි සිසුන් විභාගයකට පෙනී සිටින අතරතුර වෙඩි තැබීම සිදුව තිබේ.

සැකකරු පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි තැබීම කර ඔහු පළාගොස් ඇති බවයි.

සිසුන් ආරක්ෂිතව ඉවත් කර, විශ්වවිද්‍යාලය වසා දැමූ බව, පාලනාධිකාරිය සඳහන් කර තිබේ.