අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයයි..

අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් කරන්දෙණිය සුද්දාගේ මස්සිනා මිය යයි

by Staff writer 04-11-2025 | 11:02 AM

COLOMBO (News 1st) - අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය අසල සිදු වූ වෙඩි තැබීමෙන් කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ මස්සිනා මියගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වරුෂවිතාන මිරන්ත නමැති 55 හැවිරිදි තැනැත්තෙක් ය.

ඔහු අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් නගර සභා පරිශ්‍රය අසළදී ඔහුට වෙඩි තබා ඇති බව පොලීසිය පවසන ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් 4 ක් විමර්ශන ආරම්භ කර ඇත.