.webp)
-602982.jpg)
ඒ 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 52කින් ජය ගනිමින් ය.
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට වන්නේද ඉන්දියාවයි.
ඉන්දියාවේ නවි මුම්බායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය උරගා බැලීම පැය 2කින් පමණ ප්‍රමාද වුණේ වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ය.
ඒ අනුව කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාර්ඩ් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
විශාල ප්‍රේක්ෂකයින් පිරිසකගේ ඔල්වරසන් මධ්‍යයේ පස්වරු 5ට තරගය ආරම්භ විය.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 298කි.
ශෙෆාලි වර්මා ලකුණු 87යි.
ලකුණු 299ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 45යි පන්දු 3ක් තුළ ලකුණු 246කට දැවී ගියේ ය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ලෝරා වොල්වාර්ඩ් රැස් කළේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 11වැනි ශතකයයි.
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක් තුළ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාව ලෙසද ඇය වාර්තා අතරට එක්විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ දීප්ති ශර්මා කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 39ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් ය.
තරගයේ වීරයා ශෙෆාලි වර්මා.
දීප්ති ශර්මා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ය.
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අප කටයුතු කළේ ය.
