.webp)

එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය, කිලෝ 54,870 කි.
අයිස් කිලෝග්‍රෑම් 1888ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 754ක්, ඒ අතරට ඇතුළත් වේ.
කේරල ගංජා කිලෝග්‍රෑම් 5267ක් ද, සිය භාරයට ගෙන ඇතැයි නාවික හමුදාව සඳහන් කළේ ය.
නාවික හමුදා භාරයට ගෙන ඇති මත්පෙති සංඛ්‍යාව, 16 ලක්ෂ 83691 කි.
මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා මෙහෙයුම් තීව්ර කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේ, දිගු දුර නෞකා භාවිත කරමින් මෙහෙයුම් ශක්තිමත් කිරිමට පියවර ගෙන ඇති බවයි.
