.webp)
-602658.jpg)
COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාව බලා පිටත්වී තිබේ.
ඒ ඔහුගේ ආසියානු සංචාරයේ අවසාන නැවතුම ලෙසය.
එහිදී ඔහු දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
එම සංචාරය අතරතුර දකුණු කොරියාව සහ අමෙරිකාව අතර වෙළඳ ගිවිසුමක් පිලිබඳව සාක්ච්ඡා කිරීමටද නියමිතව තිබේ.
මේ අතර අමෙරිකානු ජනාධිපතිගේ දකුණු කොරියානු සංචාරය ආරම්භ වීමට පෙර උතුරු කොරියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාක කරන කෲස් මිසයිලයක් අත්හදා බැලීම ලොව පුරා අවධානයට ලක්වුණි.
මේ වසරේ මැයි මාසයේ සිට උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ පළමු අවස්ථාවද මෙයය.
