කෙන්යාවේ ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට

කෙන්යාවේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 11 දෙනෙකු මරුට

by Staff writer 28-10-2025 | 9:25 PM

COLOMBO(News1st) - කෙන්යාවේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කෙන්යාවේ සංචාරක ස්ථාන දෙකක් අතර පියාසර කරමින් තිබියදී ගුවන් යානය කඩා වැටී ඇති බවයි.

අනතුරින් යුරෝපීය සංචාරකයින් 10 දෙනෙකු සහ ගුවන් නියමුවා මියගොස් තිබේන අතර ඊට හංගේරියානු ජාතිකයන් අට දෙනෙකු, ජර්මානුවන් දෙදෙනෙකු ඇතුළත් වේ.

අනතුරට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.