.webp)
-602512.jpg)
ආසියා පැසිෆික් විකාශකයින්ගේ සංගමය, රේඩියෝ රොමේනියා සහ කැපිටල් මහාරාජා සමූහය එක්ව එම ජාත්‍යන්තර සමුළුව සංවිධානය කෙරේ.
එම ජාත්‍යන්තර සමුළුව සඳහා යුරෝපයේ මෙන්ම ආසියා පැසිෆික් කලාපයේ මාධ්‍ය ක්ෂේත්රයේ නිරත ප්‍රවීන වෘත්තිකයින් රැසක් එක්ව සිටීම විශේෂත්වයකි.
ලොව මහද්වීප අතර සන්නිවේදනයේ සහ සහයෝගීතාවයේ සබඳතා තව තවත් පුළුල් කිරීම, එම ABU මාධ්‍ය සහ සංස්කෘතික දින ජාත්‍යන්තර සමුළුවේ අරමුණයි.
මෙවර ABU මාධ්‍ය සහ සංස්කෘතික දින ජාත්‍යන්තර සමුළුවේ තේමාව වන්නේ, AI හෙවත් කෘතිම බුද්ධියෙන් මාධ්‍ය ක්ෂ්‍රේත්‍රයට ඇති අවධානම් , අභියෝග සහ අවස්ථා යන්නයි.
මාධ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණය තුළින් පරිවර්තනීය වෙනසක් ලගා කර දීමේ බලාපොරොත්තුවෙන් එම සමුළුව ආසියා පැසිෆික් විකාශකයින්ගේ සංගමය, රේඩියෝ රොමේනියා සහ කැපිටල් මහාරාජා සමූහය එක්ව සංවිධානය කර තිබේ.
ABU මාධ්‍ය සහ සංස්කෘතික දින ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක වැඩසටහනේදී කැපිටල් මහාරාජා සමූහයේ සභාපති සෂී රාජමහේන්ද්‍රන් , කැපිටල් මහරාජා සමුහයේ සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියෙල්, ආසියානු පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් අහමඩ් නඩීම් සහ ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් හිමාලි හෙට්ටිහෙලගේ මහත්මිය උත්සව සභාව ඇමතුවා ය.
රේඩියෝ රොමෙනියා ආයතනය නියෝජනය කරමින් ආචාර්ය ඩෑන් සැන්ටා මහතා එම ජාත්‍යන්තර සමුළුවට එක්ව සිටියි.
රේඩියෝ රොමෙනියා ආයතනයේ සභාපතිවරයාගේ පණිවුඩය ඔහු නිවේදනය කළේ ය.
දින දෙකක් රත්මලාන Stein Studiosහිදී පැවැත්වෙන සමුළුවේදී AI තාක්ෂනය භාවිතයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම, නියාමනය, නිර්මාණශීලිත්වය සහ වගකීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.
