ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

by Staff writer 26-10-2025 | 11:06 AM

COLOMBO (News1st) -  වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරේ.

ඒ, වැලිගම පවුලේ සුසාන භූමියේදීයි.

පසුගිය 22 වැනිදා ඔහු වෙඩි තබා ඝාතනය කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

CCTV දර්ශන ද පදනම් කරගනිමින් පරික්ෂණ සිදුවේ.

පොලීසිය සැක පළ කරන්නේ, වෙඩිකරුවන් තවමත් දකුණු පළාතේ රැඳී සිටින බවටයි.

ඒ මත පදනම්ව ඊයේ ස්ථාන කිහිපයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි