.webp)
-602486.jpg)
COLOMBO (News1st) - රත්මලානේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයේ රියදුරු බීමතින් සිට ඇතැයි අනාවරණය වී තිබේ.
පොලීසිය සදහන් කළේ, බස්නාහිර පළාත් දකුණ කොට්ඨාස රථ වාහන නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනූව පිළියන්දල සුවාරපොළදී සැක කටයුතු ලෙස ගමන් කළ අදාළ වෑන් රථය නතර කිරීමට සංඥා කර ඇති බවයි.
එම අවස්ථාවේ පොලීසිය, නොනවත්වා ධාවනය කළ වෑන් රථය ලුහුබැඳ ගොස් තිබේ.
එහෙත්, එය මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් ද අනතුරට ලක් කරමින් නොනවත්වා ධාවනය කිරීමේදී පොලීසිය එහි රෝද වලට වෙඩි තබා තිබුණි.
වෑන් රථය නතර වී ඇත්තේ, රත්මලාන දුම්රිය පොළ අසළයි.
රියදුරු වෑන් රථයෙන් බැස පළා යාමේදී ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කළ බව, පොලීසිය සඳහන් කළේ ය.
ඔහු ප්රතිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණි.
ගල්කිරියාගම පදිංචි සැකකරුගේ වයස, අවුරුදු 30 කි.
