'සමුදුර' ආපදාවට පත් නැවක් මුදවා ගැනීමට පිටත් වෙයි

ආපදාවට පත් වෙළඳ නෞකාවක කාර්ය මණ්ඩලය මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර යාත්‍රාව පිටත් වෙයි..

by Staff writer 25-10-2025 | 1:57 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්වූ MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩල බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර යාත්‍රාව 2025 ඔක්තෝම්බර් මස 24 දින පිටත්ව ගොස් තිබේ.

සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි සහ ගලවා ගැනීම් මෙහෙයුම් ක්ෂණිකව දියත් කෙරුණි. ඒ අනුව මෙම ආපදාවට පත් MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ ඉන්දියානු , තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත වූ 14 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශය වෙත යාත්‍රා කරන ලදි.