ශ්‍රී ලංකාවට තීරණාත්මක ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය අ

ශ්‍රී ලංකාවට තීරණාත්මක ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය අද

by Staff writer 04-10-2025 | 8:38 AM

COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත්වේ.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීය.

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය මෙයයි.

කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ සහභාගී වන දෙවැනි තරගය මෙය වේ.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඉන්දීය කණ්ඩායම ලකුණු 59කින් ජයගත්තේ ය.

නවසීලන්තය සමග පැවති දෙවැනි තරගය ඔස්ට්‍රේලියාව ජයගත්තේ ලකුණු 89කින්.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග ගණන 11ක්.

එම තරග 11ම ජයගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.

ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අවස්ථා 7කදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා තිබේ.

අවසන් වරට පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියද ජයගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවයි.

මෙම තරගය අද පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

එහිදී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව මෙරට ක්‍රීඩා ලෝලීන්ට හිමිව තිබේ.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සියලු තරග සජීව ලෙස නැරඹිය හැකියි.