පළාත් රැසකට තද වැසි සමග ප්‍රබල අකුණු

බස්නාහිර ඇතුළු පළාත් රැසකට තද වැසි සමග ප්‍රබල අකුණු

by Staff writer 04-10-2025 | 8:00 PM

COLOMBO (News 1st) -  උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් මෙන්ම කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක වලට ප්‍රබල අකුණු ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.

ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත් වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ද, ඇති විය හැකියි.

ඒ අනූව තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.