දෙහිවල, දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙක් අත්අඩංගුවට

දෙහිවල, දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට..

by Staff writer 04-10-2025 | 8:42 AM

COLOMBO (News 1st) - දෙහිවල, දුම්රියපොල අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඒ පිළිබඳ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කල විමර්ශනයකින් අනතුරුව ඊයේ දිනයේ  දෙහිවල බස් නැවතුම්පොල අසලදී එම වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කල සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක්, කඩු 05 ක් සහ කිනිස්සක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවය.

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, 34  හැවිරිදි සීවලි පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

පසුගිය ජුලි 18 වැනිදා දෙහිවල දුම්රියපොල අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවේ ය.