ඊලෝන් මස්ක්ට ලොව පළමු ට්‍රිලියනපතියා වෙයිද...

ඊලෝන් මස්ක්ට ලොව පළමු ට්‍රිලියනපතියා වෙයිද...

by Staff writer 02-10-2025 | 6:33 PM

COLOMBO(News1st) -Tesla,SpaceX,Neuralink, xAIiy සහ X Corp ...මේ නම් කියපු ගමන් මතකයට එන්නේ ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික ඊලෝන් මස්ක්ව.

මේ කියන්න හදන්නේ ලෝකේ හොල්ලන මස්ක් ගැන පිස්සු හැදෙන කතාවක්.

ෆෝබ්ස් සඟරාවේ රියල්-ටයිම් බිලියනපතියන්ගේ ට්‍රැකර් එකට අනුව,  අමෙරිකානු ඩොලර් බිලියන 500ක වත්කම් සීමාව පසු කරන ඊලෝන් මස්ක් සමත් වෙලා තියෙනවා.

ඒ කියන්නේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන බාගයක්.

ට්‍රම්ප්ගේ උපදේශකයෙක් විදිහට හිටපු මස්ක් එතනින් එළියට බැස්සේ, පොඩ්ඩක් හිත රිදවගෙන.

එහෙම එළියට බැස්ස ඔහු, තමන්ගේ ප්‍රධානතම සමාගම වුණ ටෙස්ලා සමාගමේ වැඩ කටයුතු ගැන පූර්ණ අවධානයක් ලබා දීලා තියෙනවා කියලයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ පැමිණීම, ටෙස්ලා සමාගම කෙරෙහි තිබූ විශ්වාසය තව තවත් ඉහළ යන්න හේතුවක් වෙලා තියෙනවා.

වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළදී ටෙස්ලා සමාගමේ කොටස් වටිනාකම 14% වඩා ඉහළ ගියා.

මේ හේතුව නිසා ට්‍රම්ගේ වත්කම්වලට එකතු වුණු ධනය, ඩොලර් බිලියන 10කට ආසන්නයි.

තමන්ගේ ධනය වර්ධනය වෙන වේගය ස්ථාවරව පවත්ව ගන්න සමත් වුණොත්, 2033දී ලෝකයේ පළමු ට්‍රිලියනපතියා වීමට ඊලෝන් මස්ක්ට හැකි වෙනු ඇති