නෙටොල්පිටියේ ඉඩමකින් ජීව අත්බෝම්බයක් සොයා ගනී..

වැට ගහන්න වලක් කපද්දී, නෙටොල්පිටියේ ඉඩමකින් ජීව අත්බෝම්බයක් සොයා ගැනේ...

by Staff writer 18-09-2025 | 12:16 PM

COLOMBO (News 1st) - තංගල්ල, රැකව, නෙටොල්පිටිය ඉඩමක වල දමා තිබියදී ජීව අත්බෝම්බයක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, කාන්තාවකට අයත් ඉඩමක වැට මායිම් කණු සිටුවීම සඳහා පුද්ගලයෙකු වලක් හාරමින් සිටියදී එය හමුව ඇති බවයි.

පොලිතින් බෑගයක බහා තිබියදී, එය සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (18) එය පරීක්ෂා කිරීමට නියමිතයි.