.webp)
COLOMBO (News 1st) -ත්‍රිකුණාමලය ආශ්රිත මුහුදේ සුළු භූ චලනයක් සිදුව තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ, අද පස්වරු 4.06 ට පමණ එම භූ චලනය සිදුව ඇති බවයි.
එහි ප්‍රබලත්වය මැග්නිටියුට් 3.9 කි.
භූකම්පනය සිදුව ඇත්තේ ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 60 ක දුරකින් පිහිටි සාගර කලාපයේ ය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ පල්ලෙකැලේ, හක්මන හා මහකනදරාව යන භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවල එම භූ චලනය සටහන් වී තිබේ.
අප වාර්තාකරුවන් සඳහන් කළේ, ත්‍රිකුණාමලය, තෝපූර් ඇතුළු ප්‍රදේශවල ජනතාවට භූකම්පනය දැනී ඇති බවයි.