.webp)
COLOMBO (News 1st) - අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට, මි.මී. 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
සෙසු ප්‍රදේශවල අද (18) පස්වරු එකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.