ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්...

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්...

by Staff writer 08-09-2025 | 6:21 PM

COLOMBO (News 1st) - හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සැප්තැම්බර් 22 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ නඩුව මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ, අද (08) යළි කැඳවූ අවස්ථාවේදී යි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසකට චෝදනා එල්ල විය.