හරක් කටා ගැන නීතිපති අධිකරණයට කිව්ව දේ...

නඩුව අවසන් වන තෙක් හරක් කටා රඳවා තබා ගන්නවා, නීතිපති අධිකරණයට දැනුම් දෙයි...

by Staff writer 08-09-2025 | 6:32 PM

COLOMBO (News 1st) - නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු, අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රඳවා තබා ගැනීමට තීරණය කර ඇති බව, නීතිපතිවරයා අද (08) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයකට අනුවයි.

නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා එම දැනුම් දීම සිදුකළේ ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා, සැකකරුට එල්ල වී තිබේ.

නඩු විභාගය ලබන 24 වැනිදා දක්වා කල් තැබිණි.