ග්‍රෑන්ඩ්පාස්හිදී වෙඩි තැබීමට දෙදෙනෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්හිදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 08-09-2025 | 8:48 AM

COLOMBO (News 1st) - ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී වෙඩි තබා තරුණයෙකු ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අවුරුදු 31 හා 32 වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ඔර්ලෝසු කණුව අසළදී පසුගිය සිකුරාදා රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු කළ වෙඩි තැබීමෙන් කැලණියේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මිය ගියේ ය.

පොලීසිය පැවසුවේ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිදු කළ විමර්ශන අනුව ඊට අනුබල දුන් සැකකරුවන් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි.