ඇල්ල අනතුරේ බස් රථ කොටස් අද රස පරීක්ෂක නිරීක්ෂණයට

ඇල්ල බස් අනතුරේ බස් රථ කොටස් අදත් රස පරීක්ෂක නිරීක්ෂණයට..

by Staff writer 08-09-2025 | 8:01 AM

COLOMBO (News 1st) -ඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත්වූ බස් රථයේ කොටස් අද රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණයට ලක්කිරීමට නියමිත වෙයි.

ගොඩගනු ලැබූ බස් රථයේ කොටස් සහ ජීප් රථය පෙරේදා  ඇල්ල පොලිසියට ගෙන එනු ලැබුවේ ය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලදාරීන් පිරිසක් ද අද දිනයේ බස්රථයේ කොටස් නිරීක්ෂණය කිරීමට නියමිතයි.