පොලීසියෙන් නිවේදනයක්..

අනතුරුදායක ආකාරයෙන් රථ වාහනවලට අමතර කොටස් සවි කිරීමට එරෙහිව පනවා ඇති නීති අද සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර.. -පොලීසිය

by Staff writer 08-09-2025 | 7:56 AM

COLOMBO (News 1st) - අනතුරුදායක ආකාරයෙන් රථ වාහන වලට අමතර කොටස් සවි කිරීමට එරෙහිව පනවා ඇති නීති අද සිට දැඩිව ක්‍රියාත්මක වෙයි.

පොලීසිය සඳහන් කළේ, විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන වර්ණ සහිත අමතර විදුලි පහන් සහ නීතිවිරෝධී සවි කිරීම් සහිත වාහන වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඊට අමතරව අධික ශබ්ද සහිත සයිලන්සර් සහ ඝෝෂාකාරී නලා වලට එහිදී දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතව තිබේ.

එවැනි වාහන පරීක්ෂා කිරීම සදහා අද සිට දිවයින පුරා පොලිස් නිලධාරීන්, අනුයුක්ත කෙරෙනු ඇති.